2015 ජනවාරි 09 නිල් කොළ විප්ලවයෙන් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමෙන් පසු, පිනා චාන්ස් අගමැතිකම ලැබූ රනිල් වික්‍රමසිංහ විසින් පට්ටම ලැබී පෝය දෙකක් ගතවීමට මත්තෙන් ගා ගත් මඩ තට්ටුව ජනාධිපති මෛත්‍රීපාල ගේ කඩුවට හසු වනතෙක් බලාසිටින අය වෙත, ඊයේ නිකුත් වූ ජනාධිපති කොමිසම් වාර්තාව සාරාංශ කොට ලියන්නේ , තීරණය ඔබ වෙත තබමිනි.

වාර්තාවේ ඇතුලත් ප්‍රධාන නිගමනයන් හා යෝජනා

2015 පෙබරවාරි 27 සිදුවූ වෙන්දේසියෙන් රු.688,762,100 ක මගහරවා ගතහැකි අලාභය ට හිටපු මහ බැංකු අධිපති අර්ජුන ඇලෝසියස් මහතා වගකීව යුතු අතර එම වෙන්දේසියට අදාල අභ්‍යන්තර සංවේදී තොරතුරු ලබා දී ඇත

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් තම බලය අනිසි ලෙස භාවිතා කරමින්, මුදල් මණ්ඩලයේ මූලික අනුමැතියකින් තොරව ක්‍රියාකරමින් දැනුවත්ව රාජ්‍ය ණය දෙපාර්තමේන්තු කටයුතු කෙරෙහි මැදිහත් වී හා බලපෑම් කර ඇත

එම පාඩුවූ මුදල (රුපියල් හැට කෝටි අසූ හත් ලක්ෂ හැට දෙදහස් එකසීයක්), අභ්‍යන්තරික මූල්‍ය තීරණය හා සම්බන්ධ තොරතුරු පදනම් කරගෙන ලාභ ඉපයූ හා තම අභිමතය පරිදි මූල්‍ය වෙළඳපළ හැසිරූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් මගින් අයකර ගත යුතුය

බැදුම්කර වෙන්දේසිය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් ලබාදී නොමැති බව 2015 මාර්තු 17 දින කල පාර්ලිමේන්තු ප්‍රකාශය මගින් පෙනී යන අතර, එහෙත් මහ බැංකු අධිපතිවරයා විසින් නිසි ක්‍රමවේදයට අනුකූලව අදාළ වෙන්දේසියේ දී කටයුතු කරනු ඇති බව අපේක්ෂා කර ඇත

කොමිසම් වාර්ථාව මගින් නීතිපතිවරයා වෙත කෙරෙන යෝජනා

අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුලත් ව සෙසු මහබැංකු නිළධාරීන් ට දණ්ඩ නීති සංග්‍රහයේ පරිදි චෝදනා ගොනු කිරීම

තමන් කෙරෙහි එල්ලවූ චෝදනා පිලිබඳ ව කොමිසම ඉදිරියේ සත්‍ය නොවන ප්‍රකාශ හා තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් එවකට මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කල, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ අනෙක් නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීම

කොමිසම් වාර්තාව මගින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත කර ඇති යෝජනා

එවකට මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කල, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ට ලබාදුන්  සුඛෝපභෝගී නිවස සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම

තොරතුරු මූලාශ්‍රය

http://www.presidentsoffice.gov.lk/?p=4978

අකලංක සිංහාරගේ ලන්ඩන් සිට ලියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here