සිංගප්පූරු ව්‍යාපාරික මණ්ඩලය හා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය අතර පැවැත්වූ ව්‍යාපාරික සංසදයක් අද (24)ශ්‍රී ලංකා වානිජයේ දී පැවැත්විනි.සිංගප්පූරු ආග්‍රාමාත්‍ය ලී හෙන් ලූන් හා සිංගප්පූරුවේ වෙළද අමාත්‍යවරයා ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවක් මේ සදහා සහභාගී වූ අතර ලංකාව වෙනුවෙන් විවිධ සමාගම් හා ව්‍යාපාරික ප්‍රධානීන්ද සම්බන්ධ වී සිටියේය.

රයිඩර් හෝල්ඩින්ස් (Ryder Holdings) අධිපති ආචාර්ය සේනක ද සිල්වා හා සිංගප්පූරු වෙළද අමාත්‍යවරයා අතර හමුවක්ද මේ සමග පැවැත්වූ අතර එහිදී ලංකාවේ ව්‍යාපාරික අවස්ථාවන් සදහා වන මූලික සාකච්ඡාවක්ද සිදුවූ බව වාර්තාවේ.

සිංගප්පූරු අගමැතිවරයා හා දූත පිරිස ඊයේ දිවයිනට ලඟා වූ අතර අනතුරුව ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවන්ද සිදුවිය. ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර වන නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තිබීමද සංචාරය අතරතුරදී සිදුවීමට නියමිතව ඇත‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here