රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කාරණා කිහිපයක් හෙළිදරව් කරනු ලැබූ කතාබහක් වූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර සමඟ පැවැත් වූ  සම්මුඛ සාකච්ඡාව මෙහයවනු ලැබූ කල්ප පල්ලියගුරු වංචාකරුවෙකු බව ඔහු සම්බන්ධයෙන් දැනුවත් පාර්ශව කිහිපයක් ටිංකිරි වෙත අදහස් පල කළෝය.

මෝටර් රථ විකිණීමේදී කළ වංචාවන් ඇතුළු වංචා රාශියකට ඔහු සම්බන්ධ බව එම තොරතුරු ලබා දුන් මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

මේ අතර ඔහු, ලන්ඩනයේ දේශපාලන රැකවරණය පැතීමට ගොස් සිටි අවස්ථාවේ එය ඔහුට ලබා දීම සඳහා කටයුතු කොට ඇත්තේ, හොර ඔප්පු ලිවීම සමබන්ධයෙන් මෙරට අධිකරණයේ වරෙන්තු කරුවෙකු බවට පත් වී සිටින නමුත් ලංකා නිව්ස් වෙබ් ( මෛත්‍රී පාක්ෂික) සහ ලංකා නිව්ස් වෙබ් ( මෛත්‍රී සහ චන්ද්‍රිකා විපාක්ෂික හෙවත් වෛරී ) නමින් දවල් මිගෙල් රෑ ඩැනියෙල් පන්නයේ වෙබ් අඩවි කිහිපයක් පවත්වා ගෙන යන, චන්දිම විතානාරච්චි නමැති අයවලුන්ගේ සිය බිරිඳ විසිනි.

ඒ සියලු කළ ගුණකම් ගුණ මකුවෙකු සේ අමතක කරමින්, තමන්ට උදව් කළ පිරිසට එරෙහිව පහර ගැසීමට, කල්ප පල්ලියගුරු කටයුතු කරන බවට චෝදනා නැගෙයි.

කෙසේ වෙතත්, අදාළ සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් වූයේ, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සේවය කළ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සඳහා, මංගල සමරවීර ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන රුවන් ප්‍රදීනන්දිස් හෙවත් රුවන් ගුරුගේ, බුද්ධි අංශයට තොරතුරු ලබා දුන් බවයි.

( උපුටාගැනීම   http://www.tinkirilk.com/)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here