හොර ලියවිලි යොදා ලංකාව නෝන්ඩි කරවන බ්‍රිතාන්‍යයේ  පෙරකදෝරු මගඩියක් හෙළිවේ.

එංගලන්තයේ බ්‍රික්ස්ටන් හි වෙසෙන නාග් ලෝ (Nag Law) නැමැති නීති ආයතනය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සරණාගත තත්ත්වය ලබාගැනීමට වෙහෙසවන බංග්ලාදේශ රෝහින්‍යා වැනි ජනකොටස් සදහා අවශ්‍ය විගමන කටයුතු සම්බන්ධවයි.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නගුලේශ්වරන් නම් මෙම නීති ආයතනයේ හිමිකරු මෑතක සිට ඉතා අනාචාරාත්මක නීති පරිචයක් අනුගමනය කරන්නට පටන් ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අධිකාරිය සතුව ඇති විශ්වාසය දැඩි ලෙස පළුදු කරමින්.

මේ සදහා මහසෙන් ලෙස හැදින්වෙන ශ්‍රී ලාංකික නීතිඥ වරයෙක් ගේ සහය ද යොදාගන්නා නගුලේශ්වරන් විසින්,ශ්‍රී ලංකාවේ වෙසෙන මුදලට විකිණෙන නීතිඥ වරයෙක් පවා යොදාගනිමින් ව්‍යාජ ලියකියවිලි සකස්කොට අසරණ ව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් ගැරීම ට පටන්ගෙන ඇති බවට අපට තොරතුරු ලැබී ඇත.

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිණිස වූ ජනාධිපති කොමිසම් වාර්ථාව සම්බන්ධ ලිපි ශීර්ෂ (letter heads) යොදාගනිමින් කරනු ලබන මෙම ආගමන විගමන ප්‍රෝඩාව නිසා , සත්‍ය තත්ත්වයන් යටතේ(genuine) ස්ථිර පදිංචිය (permanent residence ) ඉල්ලුම් කරනු ලබන ශ්‍රී ලාංකිකයින්ගෙන් විශ්වාස කටයුතුභාවය පවා අභියෝගයට ලක්වන තත්ත්වයක ට ලංකාවෙ දේෂපාලන කොමිසම් හෑල්ලුවට ලක්කොට ඇත.

මෙය දීර්ඝකාලීන ව ශ්‍රී ලංකාවෙ කීර්තිනාමය අහිතකර තත්ත්වය කට පත්කිරීමට සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ජාත්‍යන්තරයට ගෙනයමින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රටේ සිවිල් හා දේශපාලන තත්ත්වය පිලිබඳ ව ජාත්‍යන්තරය තුල වැරදි ප්‍රතිරූපයක් පවා ඇතිකරනු ඇත.

තිස් අවුරුදු යුද්ධයකින් පසු, 2009 සිට ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තරව විශ්වාසය දිනාගනිමින් සිටින මෙවන් කාළයක් තුල ඇතැම් පුද්ගලයින් විසින් මෙසේ කරනු ලබන කටයුතු නිසා, ඉතා ශීත කාළගුණයක් තුල බොහෝ සේ වෙහෙස වී මුදල් උපයන ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් වංචා කොට ලබාගෙන අවසානයේ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරනු ලබන තත්ත්වයට ඔවුන් ඇද දැමීම ඉතා පහත් කටයුත්තක් බව මෙසේ සදහන් කරමි.

තවදුරටත් සෙනරත් දේවප්‍රිය ලියනගේ නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික අංක A795 දරණ (ජා.හැ.අංක 750160735V) විෂ්මාචාරී නීතිඥවරයෙකු ලවා මෙසේ හොර ලියවිලි සකස්කොට බ්‍රිතාන්‍යයට ගෙන්වාගන්නා බවට අපට තොරතුරු ලැබී ඇති අතර, එම සාක්ෂි පහලින් දැක්වේ.

සාවද්‍ය ලෙස සැකසූ උගත් පාඩම් ප්‍රතිසංධාන කොමිසම් ලිපිය

 

සෙනරත් දේවප්‍රිය ලියනගේ විසින් ඉහත සාවද්‍ය ලිපිය වෙනුවෙන් ලංකාවේ අධිකරණ පද්ධතිය හා පොලීසිය සම්බන්ධයෙන් කල ප්‍රකාශය ඇතුලත් ලිපිය (නගුලේශ්වරන් ගේ ලිපිනය ට යැවූ)

සෙනරත් දේවප්‍රිය ලියනගේ යන අයගේ නීතිඥ සංගම් හැදුනුම්පත හා ලිපිනය සදහන් ලිපි පිටපත

 

– ඒ.  සිංහාරගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here