බරපතල වංචා හා දූෂණ පිලිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව ඊයේ ජනාධිපති අතට පත්වීමත් සමග එහි ඇතුලත් නිර්දේශ පිලිබඳ වාර්තා කිරීම කෙරෙහි අප අවධානය යොමු කලේය.

ඒ අනුව කොමිසම යෝජනා කරන ලද නිර්දේශ ලෙස පහත කරුණු මාධ්‍ය පුරා පැතිරෙමින් පවතී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ ඊයේ මාධ්‍ය හමුවේ කියා සිටියේ කොමිසමේ යෝජනා අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි කළයුතු බවත්, ඉන් පසුවත් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීමේ අයිතිය අහිමි වන පරිදි නීති සම්මත කරන ලෙසත් නිර්දේශ ඇතුලත් බවයි.

ඒ අනුව හෙල්පින් හම්බන්තොට වැනි කුප්‍රකට වංචා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා හට දඩුවම් ලබාදිය යුතු බව ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැතිවරණය ප්‍රචාරක රැළියක් අතරතුර පාඨලී චම්පික රණවක විසින් කියා සිටියේය.

හිටපු ජනාධිපති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඊයෙ මහරගම පැවති ස්වාධීන කණ්ඩායම් ජන රැළියක් අමතන අතරතුර කළ ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍ය අතර පැතිරෙමින් පවතී. ඒ පොහොට්ටු පක්ෂය වෙනුවෙන් සහය දක්වන සියළු දෙනා හට මහරගම දී මෝටර් සයිකලය ට සහය දක්වන ලෙසයි.

එම ප්‍රකාශය එතරම් බරපතළ ප්‍රකාශයක් ලෙස බැලූ බැල්මට නොපෙනුනත් අන්තර්ගතය තුල ගම්‍ය වූයේ පොහොට්ටු පක්ෂය ස්වාධීන පක්ෂ සමග සන්ධාන ගත වීමක් හෝ ස්වාධීන පක්ෂ නාම යෝජනා තුල පොහොට්ටු පක්ෂ නියෝජනය න් ඉදිරිපත් කිරීමක් ය.

අකලංක ප්‍රේමරත්න ලියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here