ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නිසාම “මහ බැංකු බැදුම්කර මගඩිය” මේ වනවිට කරළියෙන් පසුපසට වැටී අවසන් ය. එමෙන්ම මැතිවරණයක් පෙනි පෙනී මෙවන් සටහනක් තැබීමත් එක් පක්ෂයකට පහර ගැසීමක් නොවන බව කිව යුතුය.

මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බැලූ බැල්මට වැරදිකරුවන් විය යුතු අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් වෙනුවට, රවී කරුණානායක නම් කට්ටක් සූප්පු කළ එජාප නියෝජිතයා උලුප්පා දැක්වීම ක් සහ දංගෙඩියට දැක්කීමක් අපට දැනගන්න ට ලැබුණි.

රවී කරුණානායක යනු එජාප පරාජ සමයේ පක්ෂයෙ නඩත්තු බිල්, දුරකථන හා විදුලි බිල් ගෙවූ පුද්ගලයා බව නොරහසකි. එමෙන්ම සතොස සම්බන්ධයෙන් පෙර ආණ්ඩු සමයේ චෝදනා එල්ලවූ පුද්ගලයා ය.

එයින් අප අදහස් කලේ, ජනවාරි 9ට කලින් එජාපයේ තිබුණු මූල්‍ය තත්ත්වයයි. පුනරාවර්ථන වියදම් පවා දරා ගැනීමට නොහැකි තරම් එජාපය වැටී තිබුණු යුගයක ඉදිරියට පැමිණියේ රවී ය.

පරදින පරදින මැතිවරණය ට එජාපය වෙනුවෙන් වියදම් කළ රනිල්ගේ රෝයල් මිතුරන් අතර අර්ජුන් මහේන්ද්‍රන් ද ඉදිරියෙන් සිටි නමකි. ඒ අනුව බලය ලැබුණු දිනක කළගුණ සැලකීමට රනිල් අර්ජුන් ට ණය බව පැහැදිලි ය.

කෙසේ වෙතත් මහ බැංකු හුටපටය අවසන් ය. කොමිසමේ නිර්දේශ පවා පිටවී ඇත.

අපට දැනගන්න ට ලැබුණු ආරංචි අනුව,  ඉදිරි පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා, පසුගිය දිනක මලික් සමරවික්‍රම විසින් රුපියල් කෝටි 150ක් ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට ගෙවා ඇත. එහෙත් එම මුදල් කෙසේ කවුරුන් විසින් පක්ෂයට පරිත්‍යාග කරන ලද්දක් ද යනවග තවමත් හෙළිවී නැත.

එදිනෙදා වියදම් ගෙවාගැනීමට නොහැකි ව සිටි පක්ෂයක් විසින් , පළාත් පාලන මැතිවරණයක් සදහා මෙතරම් මුදලක් ප්‍රචාරණය වෙනුවෙන් වෙන්කිරීම සහ අරමුදල් මූලාශ්‍රය පැහැදිලි නොවීම අතර පෙනී යන්නේ, බැදුම්කර මුදල් තවමත් රෝයල් මිතුරන් හරහා පක්ෂයට එන බවත්, ඒ වෙනුවෙන් පක්ෂය පණ අදින වෙලාවෙදි නොමැරී සිටීමට උදව් කළ රවී බිල්ලට දී ඒ වෙනුවට ගජමිතුරු කල්ලියේ සාමාජිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් බේරා ගැනීමත් ය.

එමෙන්ම රුපියල් කෝටි 150ක් , මහින්ද හිතෛෂී , ඝෝඨාභයගේ මිතුරෙකුගේ නාලිකාවක ට ගෙවීමෙන් පෙනී යන්නේ, පක්ෂයේ හිතවන්තයා නොව තම කල්ලියේ මිතුරා වෙනුවෙන් , රනිල් දේශපාලන ප්‍රතිවාදීන්ගේ සම්බන්ධතා සමගත් මහා පරිමාණ ගනුදෙනු කිරීමට නිපසුබට බවයි.

අවසානයේ, කැපුවත් කොළ එජාප පාක්ෂිකයන් මිස්ටර් ක්ලීන් ලෙස ඉස්සර හැදින්වූ රනිල් වික්‍රමසිංහ, නොබෝ දිනකදී මිස්ටර් ඩීල් ලෙස හදුන්වනු ඇත.

අනාවරණය – අකලංක ප්‍රේමරත්න ලන්ඩන් සිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here