මේ වනවිට බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා විසින් ඊයේ තම ටෙස්ට් දිවියේ ලකුණු 1000 සම්පූර්ණ කරන්න ට සමත් වුනා. ඒ ඊයේ ඔහු රැස්කල ලකුණු 173 ක් රැස්කර ගැනීමත් සමගයි.

ටෙස්ට් ඉනිම් 23 කදී එම කඩයිම පසුකල ධනංජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 1000ක් ඉක්මනින් ම රැස්කල ක්‍රීඩකයින් අතර සම තැනට පත්වීම ත් ඒ මහේල හා සංගා අභිබවා වීමත් සුවිශේෂී කරුණකි.

රෝයි ඩයස් හා මයිකල් වැන්ඩෝර්ට් මීට පෙර එම කඩයිම ඉනිම් 23 කදී පසු කර තිබුණා.

ධනංජය ඊයෙ ක්‍රීඩාකළ ඉනිම ට එක් හයේ පහරක් සමගින් හතරේ පහර 21 ක් අන්තර්ගත විය.

-අකලංක ප්‍රේමරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here