අතින් ගෙන මල් මිටක් දොතට
පුදන්නට ගිහින් පිළිමය
උනන්නට හදයි කිරි කල
පැලෙන්නට ගැහෙන ලය තුළ

ගෙවන්නට වුනේ ණය නොව
උපන්නට සිටින උන් හට
යදින්නට සිතයි අහසට
දියන් මගේ පුතු මට

දිරා ගිය දෙපා නලියයි
නැගෙන්නට නොදී ඉහලට
නොඑන්නට යන ගමනට
ලගයි නොව මගේ හුස්මත්

කුසේ ඉඩ තියන් ඉන්නම්
වරෙන් මගේ ලගටම
ඉතින් මග බලා ඉන්නම්
දකින්නට උබේ රූපය

සසර පුරා හමුවෙන
නිමක් නොමැති මරණය
මටත් කලින් මින්පසු
නොයන් මගේ රන් කද
~~ ධම්මික ~~

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here